Cinema / People / Productions

DEJA POO MAGAZINE

Original production news, stories from the world of acting, and selected coverage of Poojana Dandeniya's work.

මනස / නාට්‍යය / සුවය

DEJA POO ORIGINAL · ARTICLE 01

ලයිෆ් එක ස්ට්‍රෙස් වගේද…?එහෙනම් ඒ ස්ට්‍රෙස් ලයිෆ් එකට ඩ්‍රැමටික් තෙරපියක් කරමුද…?

ලයිෆ් එක ස්ට්‍රෙස් වගේද — Drama Therapy article cover
Drama Therapy · Mind, body & true self

අපි හැමෝම හිතන්නේ Drama කියන්නේ කලා භාවිතාවක් නැතිනම් රඟපෑමක් කියලා. නමුත් ඊට එහා ගියපු දෙයක් මේ Drama කියන දේ ඇතුළේ තියෙනවා.

ඔයාලා දන්නවද Psychology වල Drama Therapy කියන්නේ අපේ යටිසිත (Unconscious Mind) එක්ක ප්ලේ කරලා මනස සුවපත් කරන්න පුළුවන් පට්ට පවර්ෆුල්, ට්‍රෙන්ඩී මෙතඩ් එකක් කියලා…? සරලව කිව්වොත්, මේක වචනවලින් විතරක් කරන්න බැරි මනෝචිකිත්සාවක් (Psychotherapy).

මෙතනදී වෙන්නේ සින්දු, කතන්දර, රූකඩ, රෝල්-ප්ලේ (Role-play) වගේ දේවල් පාවිච්චි කරලා, හිත ඇතුළේ හංගගෙන ඉන්න කුණු කන්දල් එළියට දාන එකයි.

මේකේ තියෙන සිරාම සයිකොලොජිකල් මැජික් එක මෙන්න.

01 මනසට Mental & Psychological Wellbeing

කැතාර්සිස් Catharsis

හිතේ හිරවෙලා තියෙන දරුණු කෝපය, දුක, බය වගේ දේවල් වචනවලින් කියන්න අමාරුයි. හැබැයි වෙනත් චරිතයක් ඇතුළින් ඒක රඟපාද්දී ඒ ප්‍රෙෂර් එක ආරක්ෂිතව රිලීස් වෙනවා.

සයිකොලොජිකල් ඩිස්ටන්සි Psychological Distancing

ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නය ඔයා “තෙවන පාර්ශ්වයක” (Third person) කෝණයකින් රඟපාලා බලනවා. එතකොට ප්‍රශ්නේ ඇතුළේ ඉන්න ඔයාට වඩා, පිට ඉඳන් බලන ඔයාට ඒකට ලේසි සයිකෝ-හැක්ස් සහ විසඳුම් පේන්න ගන්නවා.

ඩිෆෙන්ස් මැකැනිසම් බිඳ දැමීම Defense Mechanisms

අපේ මොළය සාමාන්‍යයෙන් වේදනාකාරී මතකයන් හංගන්න හදනවා. හැබැයි ඩ්‍රාමා ගේම්ස් හරහා, අපිටත් නොදැනී ඒ හංගපු ට්‍රෝමා (Trauma) එළියට ඇවිත් හීල් වෙන්න ගන්නවා.

02 ඇඟ Physical / Somatic Wellbeing

මනස සහ කය අතර සබඳතාවය Mind–Body Connection

සයිකොලොජිකල් ස්ට්‍රෙස් එක කෙළින්ම බලපාන්නේ ඇඟට. ඩ්‍රාමා වලදී කරන මීනිංෆුල් බොඩි මූව්මන්ට්ස් (Body movements) නිසා මොළයෙන් එන්ඩොෆින් (Endorphins) වගේ හැපි හෝර්මෝන රිලීස් වෙලා, ඇඟේ තියෙන තදබව සහ පීඩනය අඩු කරනවා.

03 අධ්‍යාත්මය Spiritual / Existential Wellbeing

The “Persona” & True Self

කාල් යුං (Carl Jung) කිව්වා වගේ අපි හැමෝම සමාජයට පේන්න එක එක වෙස්මුහුණු (Persona) දාගෙන ඉන්නේ. ඩ්‍රාමා තෙරපි වලදී එක එක කැරැක්ටර්ස් ප්ලේ කරද්දී තමයි තමන්ගේ සැබෑ අභ්‍යන්තර ආත්මය (True self) මොකක්ද කියලා අඳුරගන්න ලැබෙන්නේ.

එම්පති සහ කනෙක්ෂන් Empathy & Connection

වෙනත් කෙනෙකුගේ සපත්තු දෙකට බැහැලා (Role reversal) ලෝකය දෙස බලද්දී, මිනිස්සු කෙරෙහි තියෙන දයානුකම්පාව සහ විශ්වීය බැඳීම අමුතු විදියකට දැනෙන්න ගන්නවා.

ඉතින්, ඔයාගේ මනස ඇතුළේ තියෙන ස්ට්‍රෙස් එක විසඳගන්න, DRAMA තෙරපි කියන්නේ සුපිරිම ටූල් එකක්.

— කුමුදුනී වික්‍රමතන්ත්‍රි —

මනස / සමාජය / නාට්‍ය චිකිත්සාව

DEJA POO ORIGINAL · ARTICLE 03

ලයිෆ් එකේ හැමදාම අනුන් කියන විදිහට “රඟපෑවා” ඇති නේද?දැන්වත් තමන් වෙනුවෙන් රඟපාන්න ලෑස්ති වෙන්න! 🎭🎬✨

තමන් වෙනුවෙන් රඟපාන්න — Drama Therapy article cover
Drama Therapy · Self, society & collective healing

අද අපි ජීවත් වෙන්නේ “Hyper-connected, yet deeply disconnected” — හැමෝම එකිනෙකාට කනෙක්ට් වෙලා, හැබැයි තමන්ගෙන් ඈත් වෙලා ඉන්න පිස්සුම පිස්සු ලෝකෙක! ඉන්ටර්නෙට් එකෙන් මුළු ලෝකයම අපේ අතේ තිබ්බට, අපිට අපේම හදවතේ සද්දේ ඇහෙන්නේ නැති තරමට අපි අපෙන් ඈත් වෙලා. 📱💔

ගොඩක් අය හිතන් ඉන්නේ Drama Therapy (නාට්‍ය චිකිත්සාව) කියන්නේ බටහිරෙන් ආපු, නළුවන්ට විතරක් තියෙන අලුත් ඇක්ටිං ක්ලාස් එකක් කියලා. පිස්සුද! 🛑 මේක ඇත්තටම ඕන කරන්නේ නළුවන්ට නෙවෙයි, සෝෂල් මීඩියා වල පර්ෆෙක්ට් ලයිෆ් එකක් තියෙනවා වගේ හැමදාම “ඇක්ට්” කරලා හති වැටිලා ඉන්න, හැබෑ ජීවිතේ “නළුවෝ නොවන” (Non-actors) සාමාන්‍ය අපිටයි!

🥁 ලෝකෙටම කලින් ලංකාවේ අපි කරපු Drama Therapy එක!

බටහිර ලෝකය මේකට “Drama Therapy” කියලා නමක් දාන්න අවුරුදු සිය ගණනකට කලින්, අපේ ගැමි සමාජය පැරණි නාට්‍යමය ලක්ෂණ සහිත ශාන්තිකර්ම (කෝලම්, සොකරි, ගම්මඩු) සහ තොවිල් හරහා මේ දේ සුපිරියටම කළා.

එදා යක්ෂ වෙස් සහ කෝලම් චරිත හරහා මිනිස්සුන්ගේ හිතේ තියෙන ලොකුම බය, අනාරක්ෂිත බව සහ ආතතිය “හාස්‍යයට” (Humor) ලක් කළා. ඒ වගේම මුළු ගමක්ම එකතු වෙලා රෝගියාව වට කරගෙන සින්දු කියද්දී, බෙර ගහද්දී ලැබුණු ප්‍රජා සහභාගිත්වය (Collective Healing) නිසා රෝගියා සමඟ මුළු ගමක්ම මානසිකව සුවපත් වුණා. 🥁🔥👹

🥼 නූතන වෛද්‍යවරු මේක නිර්දේශ කරන්නේ ඇයි?

අන්න ඒ දේශීය ඥානය සහ කලාවේ තියෙන සුවකිරීමේ ශක්තිය නිසාම තමයි අද ඉන්න නූතන වෛද්‍යවරු සහ මනෝචිකිත්සකයෝ පවා බටහිර බෙහෙත්වලට අමතරව Drama Therapy රෙකමන්ඩ් කරන්නේ! 🩺✨

Cortisol (ආතති හෝමෝන) සට-පට ගාලා අඩු වෙනවා

නාට්‍යමය ක්‍රියාකාරකම්වල නිරත වෙද්දී සිරුරේ ස්ට්‍රෙස් හෝමෝන අඩු වෙලා, සතුට දැනවන Endorphins සහ Dopamine හෝමෝන ශ්‍රාවය වෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා.

Neuroplasticity මොළයේ සෛල අලුත්වැඩියාව

අලුත් චරිත රඟපාද්දී සහ පරිකල්පනය (Imagination) පාවිච්චි කරද්දී මොළයේ අලුත් ස්නායු සන්නිවේදන පථ (Neural pathways) නිර්මාණය වෙනවා. 🧠

Psychosomatic ලෙඩ රෝගවලට සහනයක්

හිතේ හිරකරන් ඉන්න ප්‍රශ්න නිසා හැදෙන ඇඟේ පතේ රුදාව, ගැස්ට්‍රයිටිස් සහ අධික රුධිර පීඩනය (High BP) වැනි රෝගී තත්ත්වයන්ට, බෙහෙත් පෙති විතරක් බොන්නේ නැතුව හිත නිදහස් කරන Drama Therapy වලින් ස්ථිර සහනයක් ලැබෙනවා.

01 සෝෂියොලොජිකල් වයිබ් එක The Deep Sociological Vibe

සමාජ විද්‍යාත්මකව බලද්දී, මේක සිස්ටම් එක ඇතුළේ තමන්ගේ මානසික නිදහස බේරගන්න තියෙන සුපිරිම විප්ලවීය ටූල් එකක්! ✊

සමාජය දුන්න ලේබල්වලින් නිදහස් වීම

සමාජය විසින් අපිට දීලා තියෙන සාම්ප්‍රදායික රෝල්ස් (බොස්, අම්මා, තාත්තා) පැත්තකින් තියලා, ඔයාට කැමති චරිතයක් රඟපාන්න (Role-play) ආරක්ෂිත පරිසරයක් ලැබෙනවා.

තනිකම සහ සෝෂල් අයිසොලේෂන් කුඩු කිරීම

එක එක සමාජ තීරුවල අය එක ගෲප් එකක් විදිහට එකතු වෙලා, තමන්ගේ හදවතේ තියෙන බය බෙදාගනිද්දී දැනෙනවා “මං විතරක් නෙවෙයි මේ ලෝකේ තනිවෙලා ඉන්නේ” කියලා.

Empathy සහ සමාජයීය අවබෝධය Social Empathy

වෙනත් කෙනෙකුගේ චරිතයකට පණ පොවද්දී සමාජයේ අනිත් අය විඳින පීඩනය අපිට දැනෙන්න ගන්නවා. ඒකෙන් අපි සමාජයට සංවේදී පුද්ගලයෙක් බවට පත් වෙනවා.

සමාජ බිය සහ සබකෝලය නැති කිරීම Social Anxiety Drop

මේක ඇතුළේ “කැත වෙන්න, වරදින්න, අඬන්න” හැමෝටම සමාන අයිතියක් තියෙනවා. ඒ නිදහස නිසා සැබෑ සමාජයට මුහුණ දෙන්න තියෙන බය සවුත්තු වෙලාම යනවා.

02 සයිකොලොජිකල් වයිබ් එක Psychological Extension

හිතේ තියෙන කුණු එළියට දාන්න Catharsis

වචනවලින් කියන්න බැරි තැන, ශරීරයේ චලනයන් සහ අභිනයන් හිතේ තියෙන තරහ, බය, ආතතිය එළියට දාන්න පුළුවන්.

Overthinking වලට තිත Aesthetic Distance

තමන්ගේම ප්‍රශ්නය දිහා වෙනත් චරිතයක ඉඳන් බලන්න මේකෙන් පුරුදු කරනවා. එතකොට ප්‍රශ්නෙට හැඟීම් බර නොවී, මොළයෙන් විසඳුම් හොයන්න ලේසියි.

අපේ මුතුන් මිත්තන් ශාන්තිකර්මවලින් කරපු, අද නූතන වෛද්‍යවරුන් පවා අනුමත කරන ඒ මනෝවිද්‍යාත්මක සුවය Drama Therapy හරහා අත්විඳින්න කාලය හරි! 🌿🔋

Latest Stories

Announcements, profiles and selected cinema coverage.

A cinematic figure standing on a rain-darkened street at night02

07 FEB 2026 / Ceylon Today

Violence, Defiance, and the Story Behind 'Father'

A feature on the world of Father, Poojana Dandeniya's performance as Desmond, and the true events behind the film.

Read the story
An actor preparing backstage before entering a film set03

2026 / Official Portfolio

Poojana Dandeniya — Actor

Biography, career highlights, awards, photographs, and selected screen and stage work.

Visit the portfolio
Film reels, a clapperboard and contact sheets on an archive table04

CAREER FILE / Deja Poo Magazine

From Stage Craft to the Screen

Explore selected performances, directing work and screen credits from a career shaped across theatre, television and cinema.

Explore filmography
Professional performers taking part in an acting workshop05

REGISTRATION OPEN / Acting Troupe Academy

Professional Acting Coaching Comes to Melbourne

A focused program for professional performers joins ATA's Melbourne workshops in character work, voice, movement and scene practice.

View Academy programs
A filmed studio interview between an actor and presenter06

VIDEO ARCHIVE / Poojana Dandeniya

Inside the Conversation: Twelve Interviews to Watch

Long-form conversations tracing the craft, career and stories behind Poojana Dandeniya's work across Sri Lankan cinema.

Watch the interviews

Follow the Story

Connect with Poojana Dandeniya and follow future magazine updates.